Friday, September 2, 2011

කුරුමානම....

පෙරදාක සසරේ......
හමු වූවාද මිතුරේ......
ළං වී රහසේ......
දැනුන පහසේ.....

පහන් දැල්වේ......
හද තාම අදුරේ.....
නොවිසිලිමත් දෑසේ....
බලයි මන්ද ගමනේ....
යනෙන බිත්ති කටුවේ...

ලොවම ඝණ අදුරේ....
නෙතු මාගේ දැල්වේ....
හැරදමා නිවසේ.....
පියනගනු රහසේ.....
ලැගුම්හල මානේ.....


Saturday, August 13, 2011


ආලෙන් වෙලා ගන්න කෝලම් කළා



ආලෙන් වෙලා ගන්න කෝලම් කළා
හිත ආලෙන් මුදා ගන්න මායම් කළා
මම හීනෙන් අපේ ලෝකේ සායම් කළා
ඔබ සායම් මකාලන්න වෑයම් කළා

මම දෑසින් කළා ඔබට පෙම් යෝජනා
ඔබ කළා යෝජනා වලට චෝදනා
මම මෑතින් ඉඳන් වින්දා ඉන් වේදනා
ඇයි ඔයා බැලුවේ ඇස් දිහා මගේ නාඩනා

පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාලුයි මගේ නැත්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහෙ
අපේ ආදරේ භාවනාවක් වගේ

singing - athula adikari & samitha mudunkotowa





අයාලේ ගිය ඡීවිතය,



සිත අයාලේ ගියා හොදටෝම ඇති.......
හදවත් ගිණුමේ ඉතිරිව ඇති ශේෂය දුකකි......
නැවතී හති හලන විට ගෙවූ දුර නීරසකි.......
හෙට සිටවත් ඉද හිට මා සිනා සෙමි......